spot_img
spot_img

‘ක්ලබ් වසන්තගේ‘ ඇඟේ උණ්ඩ අටක්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා අද (09) දින නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.

එයින් උණ්ඩ තුනක් ඒ මහතාගේ හිසෙහි වැදී තිබියදී සොයා ගත් බවත් අනෙක් උණ්ඩ පහ පපුවේ සහ උදරයේ තැනින් තැන තිබී හමු වූ බවත් එම වාර්තාවේ සදහන් වේ.

හිසට සහ ඉනෙන් ඉහල ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් සිදු වූ තුවලා හේතුවෙන් සිදු වූ මරණයටක් බවටද හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දේහය ඥාතීන් වෙත ලබාදීමට කටයුතු කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...