spot_img
spot_img

වනිඳුට සහ බිනුරට දඩ

ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, වනිඳුට තරග මුදලින් 25%ක දඩයක් සහ බිනුරට තරග මුදලින් 20%ක දඩයක් නියම කෙරුණා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායම්වල ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳ මෙවර දැඩි අවධානයක් යොමු කිරීමට ළ්ඵ්ළ් තරග සංවිධායකයින් කටයුතු කරනු ලබනවා.

ඒ අනුව, ක්‍රීඩකයින්ගේ ඇඳුම් පැළඳුම් හා ක්‍රීඩා උපකරණ පිළිබඳවද දැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගෙන ඇති අතර කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අයත් නොවන හෙල්මටයක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් නායක වනිඳු හසරංගට තරග මුදලින් සියයට 25ක දඩයක් පැනවීමට පියවර ගැනුණා.

ඒ, ඇඳුම් පැළදුම් හා ක්‍රීඩා උපකරණ රෙගුලාසි උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේයි.

අමෙරිකානු ඩොලර් 3600ක් වූ එම දඩ මුදලේ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම ලක්ෂ 11කට ආසන්නයි.

එමෙන්ම කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුටද එම නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් සියයට 20ක දඩයක් නියම කළා.

ඒ ජුලි 2 වැනිදා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ඔහු විනිසුරු උපෙදස්වලට අවනත නොවීම හේතුවෙන්.

එමෙන්ම තරග පැවැත්වෙන දිනවලදී තරග අවසන් වනතුරු ක්‍රීඩාංගණය තුළදී ක්‍රීඩකයින්ට සෙරෙප්පු පැළඳීමද ළ්ඵ්ළ් තරග සංවිධායකයින් තහනම් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...