spot_img
spot_img

අතුරුගිරිය වෙඩි තැබීමට පැමිණි වාහනය හමුවෙයි

අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා.

අද (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදීයි.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

මොවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරනවා.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදනො හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩිතැබීමට ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...