සක්වල අධාපනික වැඩසටහන හරහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදුකරන වැඩපිළිලෙට වඩා විශාල වැඩ කොටසක් තමා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිදුකළද එය යළි යළිත් ප්‍රකාශ කරමින් රටවටා නොගිය බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මෙම අදහස් පළ කළේ හෝමාගම ප්‍රදේශයේ දී මාධය වෙත අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
“එතුමා මගේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයට ඇවිත් පාසල් දෙකකට සුහුරු පන්ති කාමර කියලා ලක්ෂ 10ක් 11ක් දීලා එය සක්වල වැඩසටහනක් විදිහට මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් ගෙනියනවා. ඒක හරි අසාධාරණයි. මම විවිධ අවලාද, අපහාස, උපහාස යටතේ රටේ උප නූපන් පරම්පරාව වෙනුවෙන් තාක්ෂණවේදය ධාරාව හදුන්වලා දුන්නා. තාක්ෂණ විෂය ධාරාවේ අධ්‍යතන ලෝකයට ගැළපෙන තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය යනාදි වශයෙන් විෂය ධාරා හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා උපකරණ ලබා දීමට මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර 1000ක් පේදුරුතුඩුවේ ඉදලා දෙවුන්දර තුඩුව වෙනකන් හැදුවා.”




