ක්රිස් සිල්වර්වුඩ්ගෙන් පුරප්පාඩු වූ ශ්රී ලංකා ක්රිකට් ප්රධාන පුහුණුකරු ධූරය සදහා ස්ථිර පුහුණුකරුවෙකු පත්කරගන්නා තෙක් වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කර ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළැඹෙන ඉන්දීය සහ එංගලන්ත සංචාර සදහා සනත් ජයසූරිය ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.
සනත් ජයසූරිය, ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහා පූර්ණකාලීන උපදේශක ලෙස පසුගිය දෙසැම්බරයේ දී පත්කර ගත්තා.




