spot_img
spot_img

ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනපති සටනට සැරසෙද්දී පොහොට්ටුවේ සහාය රනිල්ට දෙන බව බැසිල් කියයි

රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

පොදුජන පෙරමුණු පක්ෂයේ සභාපති අප අතහැර යද්දීත් අවස්ථාවේ හැටියට රට බේරාගත හැක්කේ රනිල්ට බව තීරණය කළ බව කී බැසිල් රාජපක්ෂ මහතා අද දක්වා ඒ සහයෝගය ඉදිරියටත් දක්වන බව කිව යුතුයැයි සදහන් කළා.

එය කරන්නේ රට වෙනුවෙන් බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා.

27ක දේශපාලන දෙවිය සමරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝජිත අබේගුණවර්ධන මහතාගේ ජාතික මෙහෙවරක රෝහිත සලකුණ සැමරුම් උළෙලට සහභාගී වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගනයේදී මෙම සමරු රැළිය පැවැත්වුණා.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහත්වරු ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මීට සහභාගී වුණා.

කෙසේවෙතත් තමා ජනාධිපතිවරණයට සූදානම් නමුත් පොහොට්ටුව තවමත් පරක්කු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඊයේ පැවති උත්සවයකදී සදහන් කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...