Thursday, June 4, 2026
spot_img
spot_img

ජනතාවගේ ප්‍රශ්න විසඳන්න දැන් පටන් ගත්තා – රනිල්

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණයහිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණයහිමියන් එකඟවී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවයි.

ඒ අනුව, ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බව ජනාධිපති පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමට ඊයේ (05) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමින්.

නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදී කුරණෑගල දිස්ත්‍රික්කයද නව සංවර්ධන සැලැස්මක් යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එහිදී වැඩිදිරටත් අදහස් දැක්වූ ඔහු,

“දැන් ජනතාවගේ ප්‍රශ්න විසඳීම ආරම්භ කර තිබෙනවා. මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ජනතාව බලාපොරොත්තු අත්හැරියා. අද මම මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ස්තූති කළ යුතුයි. තමන්ගේ නිවස ගිනිබත් වුවත් ඔවුන් ඒ ගැන සිතුවේ නැහැ. ඔවුන් ජනතාව ගැන සිතා ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා.”

“අපට ණය ආපසු ගෙවීම සඳහා වසර 04 ක කාලයක් හිමි වෙනවා. ඒ වගේම වසර 06ක් පමණ සැහැල්ලු බරකින් ණය ගෙවීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගෙවන පොළියෙන් කොටසක් කපා දමා තිබෙනවා. එයින් අපට ඩොලර් බිලියන 05ක් ලැබෙනවා.”

“ඒ වගේම අප පුද්ගලික බැදුම්කරහිමියන් සමඟ සාකච්ඡා කළා. ණය මුදල අඩු කිරීමට ඔවුන් එකඟ වුණා. ඒ අනුව ඩොලර් බිලියන 03ක පමණ ණය ඉවත්වීමක් සිදු වෙනවා. එසේ නම් සම්පූර්ණයෙන් අපට ගෙවීමට තිබෙන මුදල්වලින් ඩොලර් බිලියන 08ක් ඉවත් කර තිබෙනවා. ඒ වගේම ලිහිල් කොන්දේසි යටතේ අපට ඩොලර් බිලියන 02ක් ලබා දී තිබෙනවා. චීනය ලබාදීමට නියමිත මුදල් සහ ඉන්දියාවෙන් ලැබීමට තිබෙන ආධාර ඊට අයත් වන්නේ නැහැ.”

“අප ආණ්ඩුව භාරගෙන තවම වසර දෙකක් නැහැ. නමුත් මෙම කාලය තුළදි අප ඩොලර් බිලියන 08ක් බේරාගෙන තිබෙනවා.”

“ඇතැම් නායකයන් පාරට එන්න, ගෙවල් ගිනි තියන්න කියලා ජනතාවට කිව්වා. ආණ්ඩුවට සහාය දෙන්න එපා කියලා කිව්වා.”

“බිංගිරිය ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඇති කිරීම වෙනුවෙන් අක්කර 1000ක් පමණ වෙන් කර තිබෙනවා. එය ඉරණවිල සංචාරක කලාපය සමඟ එක් කරනවා. එවිට මෙම බිංගිරිය, මාදම්පේ ප්‍රදේශ විශාල දියුණුවක් ලබනවා. ඒ වගේම කුලියාපිටියේ විශාල කර්මාන්ත දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ විශාලම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළයි. ඒ වගේම මෙම පළාතට නව විශ්වවිද්‍යාලයක් ලැබෙනවා. මේ අනුව ඉදිරි වසර කිහිපය තුළ කුරුණෑගල විශාල දියුණුවකට ලක් වෙනවා.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...