Friday, June 5, 2026
spot_img
spot_img

කුකුළු මස් නිෂ්පාදනය ඉහළට

මෙරටින් වාර්තා වී ඇති වැඩිම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක් මගින් ඒ බව අනාවරණය වූ බවයි ඔහු කියා සිටියේ

ඒ අනුව 2024 වසරේ මේ වනවිට මෙරට කුකුළු මස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් මිලියන 269ක් දක්වා ඉහළ දැමීමට හැකි වී තිබෙනවා

සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික කුකුළු මස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් මිලියන 230ක් වන අතර පසුගිය කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය හා රසායනික පොහොර අර්බුදය උග්‍ර ලෙස පැවැති අවස්ථාවේ සීග්‍රයෙන් පහත වැටුණා

කෙසේ වෙතත් මේ වනවිට සියලු කුකුලු ගොවිපොළවල සමස්ත ධාරිතාවය ඉහළ නැංවීම, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයන බලපත් සත්ව ගොවිපොළවලට හා සත්ව ආහාර නිෂ්පාදන සමාගම්වලට පමණක් ලබා දීම මෙන්ම පසුගිය වසරේ මෙරට බඩ ඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 220,000 ඉහළ යාම කුකුළු මස් නිෂ්පාදනය හා බිත්තර නිෂ්පාදනය ඉහළ යාමට හේතු වී ඇති බව සඳහන්

මේ අතර ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරත් පැවසුවේ

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...