බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට වසර 14කට පසු විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා.
ඊයේ (04) පැවති ඡන්ද විමසීමේදී විපක්ෂ නායක Keir Starmer නියෝජනය කළ කම්කරු පක්ෂය ආසන 410ක් ලබාගෙන ඇති අතර, අග්‍රාමාත්‍ය රිෂී සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂයට ලබා ගැනීමට හැකිවී ඇත්තේ ආසන 131ක් පමණයි.
ඒ අනුව, කම්කරු පක්ෂ නායක Keir Starmer නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වනු ඇති අතර, ඔහු මේ වන විට 61 හැවිරිදි වියේ පසුවනවා.
2020 වසරේදී ජෙරමි කෝබින්ගෙන් පසු ඔහු පක්ෂ නායකත්වයට පත් කෙරුණා.
කෙයිර් ස්ටාමර්, බ්‍රිතාන්‍ය රාජකීය විමර්ශන සේවයේ ප්‍රධානියා සහ මහජන විමර්ශන අංශයේ අධ්යක්ෂ ධූරය දරා තිබෙනවා.
ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය ලබාගෙන ඇති ආසන සංඛ්‍යාව 61ක්.
මෙම මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 650ක් තෝරා ගැනෙන අතර, අග්‍රාමාත්‍ය රිෂී සුනක්ට විපක්ෂ නායක ධුරය හිමිවනු ලබනවා.
බ්‍රිතාන්‍යයේ දේශපාලන ධුර කාල සීමාව වසර පහක් වන අතර, 2019 වසරේ දෙසැම්බර් මාසයේ අවසන් වරට පැවති මහ මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජයගනු ලැබුවා.




