කෙරවලපිටිය – යුගදනවි බලාගාරයේ විදුලිය නිෂ්පාදනය වෙනුවෙන් රැගෙන යන දැවිතෙල් සම්බන්ධ ජාවාරමක් වාර්තා වනවා.
මෙම ජාවාරම වත්තල, බෝපිටිය ප්‍රදේශයේදී අනාවරණය කරගෙන තිබුණා.
මෙම දැවිතෙල් සොරකම් කරමින් ඒවා පිටස්තර ආයතන සඳහා විකුණා ඇති බවයි වාර්තා වන්නේ.
කොළොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ විමර්ශන අංශය විසින් ඊයේ (04) මේ ජාවාරම වටලා තිබුණා.
මෙහිදී සොරකම් කළ දැවිතෙල් ලීටර් 33,000ක් සමග බවුසර් රථයක් හා සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම බලාගාරයට රැගෙන යන දැවිතෙල් බෝපිටිය ප්‍රදේශයේ පිහිටි බවුසර් රථ අංගනයකදී සුක්ෂමව සොරාගන්නා බව අනාවරනය වී තිබෙනවා.
මෙරට දෙවැනි විශාලතම තාප විදුලි බලාගාරය වන කෙරවළපිටිය යුගදනවි බලාගාරය මගින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට සම්ප්‍රේෂණය කරනවා.




