Friday, June 5, 2026
spot_img
spot_img

කෙහෙළියලගේ පවුලේ කෝටි ගණන් ඇති බැංකු ගිණුම් තහනම්

ව්‍යාජ ප්‍රතිදේහ සෞඛ්‍ය පද්ධතිය වෙත ලබා දී අනර්ථයක් සිදු කිරීම සම්බන්ධ නඩුවක විත්තිකරුවකු ව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරන බව වාර්තා වෙනවා.

හිටපු ඇමැතිවරයාගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණෙකුගේ කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සඳහා තහනම් නියෝගයක් නිකුත් කිරීමට එම කොමිසම කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් 2023 අංක 09 දරන දුෂණ විරෝධී පනතේ, 53 (1) වගන්තිය ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණ වරද යටතේ, ස්ථාවර තැන්පතු 16 ක් සහ රක්ෂණ ඔප්පු 03 ක් තහනම් කිරීමට කොමිෂන් සභාව විසින් කටයුතු කළ අතර,
මහාධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය දීර්ඝ කර ගැනීමට සහ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...