spot_img
spot_img

ලෝකයේ පළමු රොබෝ සියදිවි හානිකර ගැනීම දකුණු කොරියාවෙන්

දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයකි.

මීටර 2ක පමණ උසින් යුතු පියගැට පෙළකින් වැටී සිටියදී අක්‍රීය වූ රොබෝ සේවකයා සොයා ගෙන තිබුණි.

රොබෝ යන්ත්‍රය පඩිපෙලෙන් පහළට වැටීමට පෙර එක තැන කැරකී ඇති බවත්, පසුව පඩිපෙලෙන් පහළට වැටී ඇති බවත් ගුමි නගරයේ බලධාරීන් සඳහන් කර තිබේ.

ගුමී නගරවාසීන් සියදිවි නසාගත් රොබෝවරයා වෙනුවෙන් ශෝකය පළ කර තිබුණි.

කෙසේ නමුත් ඊට අදාළ වූ තාක්ෂණික හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැත.

දකුණු කොරියානු මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර තිබුණේ එරට සිදුවූ පළමු රොබෝ සියදිවි නසාගැනීම ලෙසය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...