spot_img
spot_img

හෙට පාසලට එන්න.බන්දුලගෙන් ගුරුවරුන්ට ඉල්ලිමක්

සමස්ත පාසල් දරුවන් වෙනුවෙන් හෙට(28) සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නියුතු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව වැඩබලන අධ්‍යාපන අමාත්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවස සිටිනවා.

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේ ජාත්‍යන්තර පාසැල් සහ පෞද්ගලික පාසල්වල කිසිඳු ගුරු වර්ජනයකින් තොරව අඛණ්ඩ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙන බවයි.

කෙසේවෙතත්, එවැනි පාසල්වල අධ්‍යාපනය හැදෑරීමට නොහැකි දරුවන් මෙම ගුරු වර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

එමෙන්ම, පැවති ගුරු වැටුප් විෂමතාවයට විසඳුමක් ලෙස 2022 වර්ෂයේදී කමිටුවක් පත්කර iii 2 ශ්‍රේණියට 14% කින් වැටුප් වැඩි කර ඇති අතර ඒ අනුව මසකට රුපියල් 3750ක මුදල්කින් වැටුප් වැඩිවෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එසේම 1 ශ්‍රේණියට 26% කින් වැටුප් වැඩිකර ඇති අතර රුපියල් 17,720.00 කින් එම ශ්‍රේණියේ වැටුප් වැඩි වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

2023 වර්ෂයේ සමස්ත රාජ්‍ය සේවයට රුපියල් 10,000 වැටුප් වැඩිකළ අතර එම වැඩිවීම ගුරුසේවයටද ලබා දුන් බව ඔහු තවදුරටත් අවධාරණය කළා.

එසේම, අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ 2025 වර්ෂයේ අයවැයෙන් වැටුප් විෂමතාවන් විසඳීමට කටයුතු කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...