spot_img
spot_img

නාවික සෙබළාගේ මරණයට ඉන්දීය ධීවරයන් 10ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට යාමේදී එම ධීවරයන් අනාරක්ෂිතව බෝට්ටු හැසිරවීමෙන් නාවික සෙබළකු මිය යාමේ සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන් දස සෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම ධිවරයින් කන්කසන්තුරේ පොලිස් ස්ථානයට භාරදීමට නාවික හමුදාව කටයුතු කොට තිබේ.

මෙම ඉන්දීය ධීවරයින් දස දෙනාට (10) එරෙහිව මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන්, මෙහෙයුමේදී නාවික හමුදා පුද්ගලයෙකු ජීවීතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සහ නාවික හමුදා දේපලකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ‘බී’ වාර්තාවක් මඟින් යාපනය, මල්ලාකම් උසාවිය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව පොලිසිය සදහන් කරයි.

අදාල ස්ථානීය පරික්ෂාව සඳහා මල්ලාකම් මහේස්ත්‍රාත් වරයා කන්කසන්තුරය වරායට පැමිණ නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ මෙහෙයුමේදී අලාභහානි සිදුවී ඇති නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව පරීක්ෂාවට ලක් කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...