spot_img
spot_img

බ්‍රිතාන්‍ය මැතිවරණ සටනට AI අපේක්ෂකයෙක්

එළැඹෙන ජූලි 4 වනදා ට යෙදී ඇති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයට සමගාමීව නැවතත් AI තාක්ෂණය සම්බන්ධව වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

ඒ මෙවර බ්‍රිතාන්‍ය මැතිවරණයට ඉදිරිපත්ව ඇති කෘත්‍රීම බුද්ධි තාක්ෂණයෙන් නිපදවූ අරුම පුදුම අපේක්ෂකයා හේතුවෙන්.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්වන 59 හැවිරිදි අපේක්ෂක ස්ටීව් එන්ඩකොට් සිය මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ඇඓ ස්ටීව් නම් කෘත්‍රීම බුද්ධි චරිතය පාදක කරගෙනයි.

ඔහු ඇඓ ස්ටීව්ගේ ආකෘතියක් රැගෙන සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ආකාරය දැකගත හැකියාව තිබෙනවා.

ඇඓ ස්ටීව් සමරිසි අයිතීන් පිළිබඳව මෙන්ම නිවාස මිලදීගැනීමේ දී ඇතිවන ගැටලු වෙනුවෙන් පවා පෙනී සිටිනවා.

එමෙන්ම ඇඓ ස්ටීව් අමතා අනාගත දේශපාලන ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ අදහස් පළ කිරීමේ අවස්ථාවද ජනතාවට ලබාදී තිබෙනවා.

ස්ටීව් එන්ඩකොට් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින අතර, ඊට තවත් ඇඓ අපේක්ෂකයින් බඳවාගැනීම ඔහුගේ අපේක්ෂාව බව සඳහන්.

යම් හෙයකින් ස්ටීව් මෙවර මැතිවරණය ජයගතහොත් ඔහු ලොව පළමු ඇඓ නීති සම්පාදකයා බවට පත්වීමේ අවස්ථාව පවතිනවා.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය මැතිවරණ කොමිසම පවසන්නේ, ඇඓ ස්ටීව් මැතිවරණය ජයගත්තත් එම අසුන හිමිවන්නේ ස්ටීව් එන්ඩකොට්ට මිස ඇඓ ස්ටීව්ට නොවන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...