spot_img
spot_img

රාජිතගෙන් ජනපතිට චරිත සහතිකයක්

බංකොලොත් වීමෙන් පසු කෙටිම කාලයක් තුළ ඉන් මිදුණු එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර්බුදය සමයේ ආණ්ඩුව භාරගත් නිසා අද වන විට රට අර්බුදයෙන් ගැලවී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා,

”බෙහෙත් පෙත්තක් බොන්න බැරි වුණ රටක අද ඖෂධ ශාලාහිමියන් මේ තරම් උත්කර්ෂවත් උත්සවයක් පවත්වනවා. මේ ජනාධිපතිතුමා නොඑන්න ඒ කියන්නේ මෙහෙම දෙයක් වෙන්නේ නෑ. අනිත් නායකයෝ ඔක්කෝටම මේක ඉදිරිපත් කළා. අපේ නායකයින්ට ඉදිරිපත් කළා. අපේ හිටිය ආර්ථික විශේෂඥයින් කිව්වා නායකතුමා අත තියන්න එපා කියලා. අත පිච්චෙනවා කියලා අත අල්ල ගත අය අද අංකුං කියන්නේ කොහොම ද? ලෝක ඉතිහාසයේ කියැවෙනවා දෑකැත්තයි මිටියයි ගහපු එකම පක්ෂයේ ධනපති පන්තියකින් උදුරා ගත යුතු බලය, ධනපති පන්තිය තැටියේ තියලා දෙනකොටත් එපා කිව්වා කියලා. එතකොට තේරෙනවා ද මේකේ තියෙන භයානකකම. අපිට දේශපාලන ඕනෑම මතවාද තියෙන්න පුළුවන්. මොන මතවාද තිබුණත් රටක් තියෙන්න ඕනේ. ඔච්චරයි මම දන්න දේශපාලනය. අපි කුහක වුණොත් අපේ රටට අනාගතයක් නෑ. අපේ පක්ෂය කළොත් ඕන එකක් හොඳයි. විරුද්ධ පක්ෂ කළොත් ඔක්කෝම විරුද්ධයි. මම නම් ඒ ධර්මය පිළිගන්නේ නෑ. මේ රට අවුරුද්දකට එහා තිබුණ තැන හැටියට හීනෙන්වත් හිතුවද මෙච්චර ඉක්මනින් මේක කරයි කියලා. අපේ රට තමා බංකොලොත් වෙලා මෙච්චර කෙටි කාලයකින් එළියට ආපු ලෝකයේ පළමු රට යැයිද රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...