spot_img
spot_img

නාවික සෙබළියන් දෙදෙනෙකුට ලිංගික දර්ශන යැවූ සෙබළෙක් මාට්ටු

නාවික හමුදාවේ උසස් නිලධාරිනියකට සහ සාමාන්‍ය සෙබළියකට වට්සැප් තාක්ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමු කර ලිංගික ක්‍රියාවන් සඳහා ඇරයුම් කර තර්ජනය කළ හිටපු නාවික සෙබළුකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසනවා.

සැකකරු එම ක්‍රියාව සඳහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබුණා.

පොලිසිය පවසන්නේ, නාඳුනන පුද්ගලයකුගෙන් ලිංගික ක්‍රියාවන් ඇතුලත් දර්ශන වට්සැප් තාක්ෂණය ඔස්සේ තම ජංගම දුරකථනයට යොමු කර ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඇරයුම් කරන බව නාවික හමුදාවේ සාමාන්‍ය සෙබළියක් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.

එහි උසස් තනතුරක් දැරූ නිලධාරිනියක් තමන් සමීපව ඇසුරු කර ඉවත්වූ නාවික හමුදා සෙබලෙකු තමන්ගේ නිරුවත් දර්ශන පුද්ගලයන් කිහිපදෙනෙකු වෙත වට්සැප් තාක්ෂණය ඔස්සේ යොමු කර ඇති බවත්, ඔහු එම දර්ශන තවත් පුද්ගලයන්ට යොමු කරන බවට තර්ජනය කරන බවත්, පවසමින් පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් නවීන තාක්ෂණය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම ක්‍රියාකාරකම් දෙකම දකුණු පළාතේ පදිංචි එකම පුද්ගලයකු කරන බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු පදිංචි ස්ථානය සොයාගෙන බලපිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...