spot_img
spot_img

තෙල් සංස්ථාවට කළ පාඩුව වහන්න තෙල් ලීටරයකින් රුපියල් 7ක බද්ධක්

පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුවීමෙන් ඉන්ධන වෙනුවෙන් ජනතාවට අතිරේක බරක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් එහි අලෙවි අංශයේ නිලධාරීන් වගකිවයුතු බව කමිටුව සඳහන් කරයි.

මේ අතර ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන්ට කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව කෝප් කමිටුවේ අප්‍රසාදය පළවී ඇත.

මෙම පාඩුව සිදුව ඇතැයි පැවසෙන්නේ 2014 – 2022 අතර කාලයේදීය.

එම වංචාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් දින හතක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ කළේය.

සංස්ථාවේ නිලධාරීන් කළ මෙම වංචාව හේතුවෙන් පාරිභෝගික ජනතාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 5.85ක්ද 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 7.50ක්ද ලෙඩ් සඳහා රුපියල් 5.88ක්ද එල්.එස්.ඩී සඳහා රුපියල් 6.96ක මුදලක්ද වැඩිපුර ගෙවන බව කමිටුවේදී වැඩිදුරටත් අනාවරණය විය.

එසේම මෙම වංචාවට වගකිව යුතු නිලධාරීන් මේ රටේ නොමැති බවද එහිදී හෙළි විය

මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට නිර්දේශ කළ කමිටුව අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...