spot_img
spot_img

අනුරාධපුර තරුණයාගේ ජින්වලට ඕස්ට්‍රේලියානුවන් දැඩි කැමැත්තෙන්

ඩැනී පෙරේරා නම් විසින් හඳුන්වා දී ඇති ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’වලට ඕස්ට්‍රේලියානුවන් වහ වැටී ඇතැයි වාර්තා වනවා.

‘ඩච් රූල්ස්’ ලේබලය යටතේ 2023 වසරේදී වෙළඳපොළට පැමිණි ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’ පානයට මාස කීපයකට පසුව ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළා.

2022 වසරේදී ආරම්භ කරන ලද ‘ඩච් රූල්ස්’ සමාගම මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මහත් ජනප්‍රියතාවයක් හිමිකර ගැනීමට සමත්වී ඇත.

‘ඩච් රූල්ස්’ සමාගමේ නිර්මාතෘ ඩැනී පෙරේරා අනුරාධපුර නගරයේ ඉපිද හැදීවැඩී ඇති බවත් 2000 දශකය මැදභාගයේදී ඔහු වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව හැදෑරීමේ බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කළා.

ඉගෙන ගන්නා කාලය තුළ වියදමට මුදල් සොයා ගැනීම සඳහා සොයාගත් අර්ධකාලීන රැකියාව සියල්ල වෙනස් කර ඇති බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා.

නගරයේ තැබෑරුමක කළ රැකියාවට තමන් බෙහෙවින් ප්‍රියකළ බවත් තමාගේ ජානවල තිබෙන්නේ කුමක්දැයි හඳුනාගැනීම සඳහා එම රැකියාව හේතුවූ බවත් ඩැනී පෙරේරා ප්‍රකාශ කළේය.

තැබෑරුම තුළදී මිනිසුන් සමඟ කතා කිරීම සහ ඔවුන්ට මධ්‍යසාර පිළිගැන්වීම බෙහෙවින් ප්‍රියවූ බවත් තමන් ඉදිරියට යා යුත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයෙන් නොවන බව අවබෝධවූ බවත් පෙරේරා පැවැසුවේය.

ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී නිව් වර්ල්ඩ් කන්ටෙම්පරරි ජින් කාණ්ඩය යටතේ ඩැනී පෙරේරාගේ ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’ පානය රිදී පදක්කම දිනාගෙන ඇත. ශ්‍රී ලාංකික කුළුබඩු ඇතුළුව අමුද්‍රව්‍ය 15 ක් යොදා ගනිමින් මෙම ජින් පානය නිපදවෙන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...