spot_img
spot_img

කෙහෙලියගේ වාහන පස්සේ සී.අයි.ඩීය දුවයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාර දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය අහිමි වීමෙන් අනතුරුව ඔහුට ලබා දී තිබූ අති නවීන සුඛෝපභෝගී නිල රථ දෙක අව භාවිත කරන බවට සිවිල් පුරවැසියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

2022 මැයි මස සිට කෙහෙළිය රඹුක් වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන අවධියේ එම අමාත්‍යංශය මගින් අමාත්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට ලබාදී තිබුණු මෝටර් රථ කීපයක් ඉකුත් ඔක්තෝබර් මස 23 වෙනි දින සිට පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්වීමෙන් පසුව රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එම මෝටර් රථ නැවත බාර දෙන ලෙස දිගින් දිගටම කළ ඉල්ලීම් වලට අනුව අමාත්‍යවරයාට නිල රත ලෙස ලබා දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගය සුපෝකභෝගී මෝටර් රථ දෙක හැර අනෙක් වාහන බාර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉකුත් පෙබරවාරි තුන්වෙනි දින සිට අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වුවද එම සුඛෝපභෝගී මෝටර් රථ දෙක ආපසු භාරදී නොතිබුණු බව විමර්ශනවලදී හෙළිවිය.

ඒ අනුව එම නිල රථ දෙක මෙතෙක් බාර නොගැනීමට හේතු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසමින් විමර්ශන කරන අතරතුර හිටපු අමාත්‍ය කෙහෙළියගේ අමාත්‍යාංශ ලේකම්වරියකගේ මාර්ගයෙන් ඉකුත් මස 24 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයට භාරදී ඇති බවට කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරියක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත ඉකුත් මස 25 වැනි දින ලිඛිතව දන්වා ඇති බවත් අනාවරණය වී ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...