spot_img
spot_img

මහා බැංකුවේ වැඩේ වැරදිලු

ශ්‍රී ලංකා මහ බැංකුව සියයට පනහකින් වැටුප් වැඩි කරගත් ආකාරය වැරදි මෙන්ම සදාචාරාත්මක නොවන බවත් පඩි වැඩි කර ගැනීමට පෙර එහි ප්‍රධානීන්ට රටේ තත්වය සලකා බැලීමට හැකියාව තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම සමාලෝචනය සඳහා පත් කෙරුණු විශේෂ ස්වාධීන කමිටුව සිය වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබෙනවා.

මහා බැංකු ඉහළ සහ පහළ නිලධාරීන් එකම සාමූහික ගිවිසුමක් යටතට ගැනීම වැරදි බවත් සාමූහික ගිවිසුම පුද්ගලයන් පදනම් කරගෙන දෙකට බෙදිය යුතු බවත් එම වාර්තාවෙ දැක්වෙනවා.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ මත මෙම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබුවේ ඉකුත් මාර්තු මාසයේදීයි.

දිනේෂ් වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස් විජේසිංහ, අර්ජුන හේරත් දුමින්ද හුලංගමුවසහ කේ.වී.සී දිල්රැක්ෂි යන මහත්ම මහත්මීහු කටයුතු කළා

මහ බැංකුවේ කළමනාකරණ සහයකයන් සහ කාර්යාල කාර්ය සහයකයන් රටේ අනෙකුත් කාර්ය මණ්ඩලය වලට සමාන විය යුතු බවත් මහ බැංකුවේ සේවය කළ පලියට ඒ අයට වෙනම පඩි වැඩි කිරීම් නොකළ යුතු බවත් එම කමිටුව පෙන්වා දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...