spot_img
spot_img

වාහන 658ක් ආගිය අතක් නෑ

මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658 ක් ගැන තොරතුරු නැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මාර්ග අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සමහර වාහන අපරාධවලට යොදාගෙන ඇති බවට ද හඳුනාගෙන ඇතැයි විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා පැවසුවා.

එම අවස්ථාවේදී මෙම වාහන තියෙන්නේ කොහේදැයි නිශ්චිතව හඳුනා ගත්තේ දැයි විගණකාධිපතිවරයා විමසා සිට තිබෙනවා.

සමහර වාහන මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇතත් ඒවා එම අධිකාරියේ නැතැයි පැවසූ විගණකාධිපතිවරයා ආයතනයේ වාහන කොටසක් වෙනත් පුද්ගලයන්ගේ නම් වලට ලියාපදිංචි කර ඇතැයිද බරපතල ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

වාහන සම්බන්ධයෙන් මේ ආයතනයේ පාලනයක් තිබී නැති බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමටද උනන්දු වී නැති බවත් වික්‍රමරත්න මහතා එහිදී පවසා සිටියා.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පෙරේදා (18) රැස්වූ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...