spot_img
spot_img

වරායේ කුස්සිය සුපිරි හෝටලයකට : හෝටල් දෙකකින් ලංසු ඇවිත්

මාස දෙකක් තුළ වරාය මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට ලබා දීමට රජය පිඹුරුපත් සකසා ඇති අතර වත්මන් වරාය අමාත්‍යවරයාගේ වුවමනාව මත මෙම කටයුතු සිදුවන බව වරාය වෘත්තීය සමිති චෝදනා නගනවා.

වසර 80ක් පමණ පැරණි මෙම මුළුතැන්ගෙය පාඩු ලබන බව පවසා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට වරාය මුළුතැන්ගෙය ලබා දීමට යන බව ද වරාය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ සදහන් කරනවා.

මෙම මුළුතැන්ගෙය පාඩු ලබන තත්ත්වයේ පවතින්නේ පාලනාධිකාරීන්වල පවතින දූෂිතභාවයන් නිසා යැයි ද එම දූෂණ හා අක්‍රමිකතා නැවැත්වීමෙන් මෙම මුළුතැන්ගෙය ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බව ද ඔහු සඳහන් කළා.

වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු තවදුරට ත් සඳහන් කළේ, මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට ලබා දුන්නොත් පසුගිය සමයේ ඇතිවූ කොවිඩ් වැනි ව්‍යසනකාරී තත්ත්වයකදී වරාය සේවකයන්ට එකවර ආහාර සැපයීම දුෂ්කර වනු ඇති බව ද එම නිසා වරාය මුළුතැන්ගෙය පෞද්ගලීකරණය නොකරන ලෙස වරාය වෘත්තීය සමිති බලධාරීන්ට ලිඛිතව දැනුම් දුන්න ද ඊට බලධාරීන් කන් නොදුන් බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට පැවරීමට පියවර ගෙන ඇත්තේ, වරාය සේවකයන්ට ගුණාත්මක ආහාර වේලක් ලබා දීමට බව ද ඒ අනුව, රුපියල් 500කට පමණ මිල කර ඇති කෑම පැකට්ටුවක් මේ හරහා රුපියල් 400ක පමණ මිලකට ලබා දිය හැකි බව ද වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යනු, මුළුතැන් ගෙවල් පාලනය කරන සමාගමක් නොවන බව ද මෙම ආහාර ලබා දීමේ කාර්යයට මෙරට ප්‍රධාන පෙළේ හෝටල් 2ක් පමණ මේ වන විට ටෙන්ඩර් කැඳවීම්වලට අනුව ඉදිරිපත් වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම මුළුතැන්ගෙය ගුණාත්මකභාවයෙන් යුතු තැනක් කිරීමට විරුද්ධ වන්නේ එයට ලැබෙන එළවළු, මස්, මාළු, බිත්තරවලින් පවා ගසාකෑම් සිදු කරන පුද්ගලයන් බව ද ඔවුන් දැනට ලබා දෙන කෑම පාර්සලය ද වැඩි මිලට වෙනත් පාර්ශ්වවලට විකුණා කටයුතු කරන දූෂිත පිරිසක් බව යි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...