2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පවසනවා.
අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව 2022 වර්ෂයේ සිට මේ දක්වා නීති ප්‍රතිසංස්කරණ 59ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති අතර තවත් කෙටුම්පත් 07ක් සහ නීති සංශෝධන 44ක් ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිත බවද රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා මේ බව සදහන් කළේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එසේම සෑම අමාත්‍යාංශයකම නීති කෙටුම්පත් කිරීම වෙනුවෙන් තම අමාත්‍යාංශය විශාල කාර්යභාරයක් ඉටු කරන බව පැවසූ රණසිංහ මහතා 2022 වර්ෂයේදී 273ක් හා 2023 වර්ෂයේදී 299ක් ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් සකස් කර දී තිබෙන බවද සඳහන් කළා.




