spot_img
spot_img

“දිළිඳුකම නැති කරන්න නම් කෘෂිකාර්මික විප්ලවයක් කළ යුතුයි” – ජනපති

ග්‍රාමීය දිළිඳුකම නැති කිරීමට නම් කෘෂිකාර්මික විප්ලවයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253ක් අතරින් 1,524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (17) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ගොවි ජනතාව වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන වැඩසටහන මෙතැනින් අවසන් වන්නේ නැහැ. ඔවුන්ට ඉඩම් ලබාදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.

ඒ සඳහා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ඉඩම් අයිතිය හිමිවීම සමඟ තම ආදායම් ද ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව හිමි වෙනවා.

ඔබ සියලුදෙනා එම වැඩපිළිවෙළේ හවුල්කරුවන් බවට පත්විය යුතුයි. අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙමින් ලබන වසර වන විට එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

එහිදී ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය වගේම ප්‍රතිව්‍යුහගත කර ඉදිරියට ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා. ඉඩම් අයිතිය නොමැතිව පරම්පාර 03ක් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව රටට කළ සේවයට මම මගේ ස්තුතිය පිරිනමනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...