spot_img
spot_img

මියගිය හජ් වන්දනාකරුවන් ගණන ඉහළට

සෞදි අරාබියේ මක්කම පවතින දැඩි උණුසුමත් සමඟ හජ් වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් 14 දෙනෙක් මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දැඩි උණුසුම හේතුවෙන් මියගිය වන්දනාකරුවන සියලු දෙනාම ජෝර්දාන පුරවැසියන් බවයි බලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම තවත් වන්දනාකරුවන් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අතුරුදන් වූවන් සොයා තවදුරටත් සෝදිසි කිරීම් සිදුකරන බව ජෝර්දාන බලධාරීන් පැවසුවා.

මීට අමතරව, හජ් වන්දනාවේ පැමිණි ඉරාන වන්දනාකරුවන් පස්දෙනෙකුට ද ජීවිත අහිමිවඇති බවට තහවුරු කළ නමුත් ඔවුන් මිය ගියේ කෙසේදැයි නිශ්චිතව දක්වා නැහැ.

මේ අතර, සෞදි ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රධානී අයිමන් ගුලාම් පසුගිය සතියේ අනතුරු ඇඟවීම සිදුකළේ මෙම සතිය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ඉක්මවන බවටයි.

සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ද උපදෙස් නිකුත් කරමින් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සජලනය වී සිටින ලෙසත්, දවසේ උණුසුම් ම වේලාවන් වන පෙරවරු 10 සිට පස්වරු 4.00 දක්වා වැඩි වශයෙන් එළිමහනේ සිටීමෙන් වළකින ලෙසයි.

පසුගිය වසරේ හජ් වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් අවම වශයෙන් 240ක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දරුණුතම හජ් ව්‍යසනය 2015 දී වාර්තා වූ අතර,එහිදී තෙරපීමකින් පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...