ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ, සිදුවුණු නායයෑමකින් පුද්ගලයින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වුණු පිරිස 30 කට අධික බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
නායයෑමට ලක්වූයේ බානෝස් දෙ අගුවා සැන්ටා නමැති කඳුකර නගරයක් වන අතර, නායයෑමට හේතුව නොකඩවා ඇද හැලුණු අධික වර්ෂාව බවයි ඔවුන් පවසන්නේ.
මඩ, පස තට්ටු සහ ගල් ඉවත් කරමින්, පස් තට්ටු යට සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වෙමින් පවතිනවා




