spot_img
spot_img

ඡන්ද පෙට්ටි ’’පොලිෂ්’’ කරයි

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද පෙට්ටි මෙසේ සූදානම් කරන බවද ඔහු කීවේය.
ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.
ඡන්ද සඳහා භාවිතා කෙරුණු අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින බවත් ඒවා රජයේ කර්මාන්තශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවත් කොමිසම පවසයි.
මේ අතර මැතිවරණය ඉලක්ක කර නිලධාරී සංගණනයක්ද ළඟදීම පැවැත්වීමට කටයුතු කරන බව පැවසූ රත්නායක මහතා දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමගද ලබන සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය. මූලිකව දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයිද ඔහු පැවසුවේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...