ඉතාලි පාර්ලිමේන්තුවේදී සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසුව එක් විපක්ෂ මන්ත්‍රීවරයකුට රෝද පුටුවක් ආධාරයෙන් පාර්ලිමේන්තුවෙන් පිටවී ගොස් රෝහල් ගතවීමට සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක් සම්බන්ධ විවාදයක් උණුසුම් වීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී තිබෙනවා.
ඉතාලියේ පළාත් සඳහා වැඩි බලතල ලබාදීමට ගෙන ආ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති එම විවාදය උණුසුම් වීමත් සමඟ ෆයිව් ස්ටාර් මුව්මන්ට් පක්ෂයේ ලියනාඩෝ ඩොනෝ දක්ෂිණාංශික ලීග් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය රොබර්ටෝ කැල්ඩෙරෝලි වෙත ගොස් ඔහුගේ මුහුණට ඉතාලි කොඩිය එල්ල කිරීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.
ඉතාලි මාධ්‍ය සඳහන් කළේ, දෙදෙනා අතර ගැටුම සමථයකට පත් කිරීමට පාර්ලිමේන්තු නිලධාරීන් දෙදෙනකු උත්සාහ දරා ඇතත් ඔවුන් අපොහොසත් වී ඇති බවයි.
අනතුරුව එම ගැටුමට තවත් පක්ෂ කීපයකට අයත් පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී ඇතැයි එරට මාධ්‍ය ප්‍රකාශ කලා.
ගැටුමෙන් දරුණු ලෙස පහර කෑ ලියනාඩෝ ඩොනෝට අවසානයේ රෝහල්ගත වීමටද සිදුවූ බව ඉතාලි මාධ්‍ය පෙන්වා දී තිබුණැඇ.
එරට මාධ්‍ය සඳහන් කළේ, ජී 7 සමුළුවේ වාර්ෂික රැස්වීම ඉතාලියේ පුග්ලියාහිදී පැවැත්වෙන අතරතුර මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇති බවත් එහි වීඩියෝවක් විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවයි.




