ලෝක කුසලාන පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ඇමෙරිකාවේ Florida හි Fort Lauderdale මුහුණ පා ඇති ගං වතුර අවදානමක් හේතුවෙන් එම නගරය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රදේශයට බලපෑ ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බලපෑම් එල්ලවී තිබෙනවා.
ඇමරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තය තුළ මතුව ඇති හදිසි ගං වතුර තත්වයක් හේතුවෙන් විස්සයි20 ලෝක කුසලානය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරඟය සඳහා පිටත්වීමට නොහැකිව තිබෙනවා.
ජුනි 17 වෙනිදා සඳුදා ශාන්ත ලුසියා හි නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරඟය සඳහා ඔවුන් මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිටත්ව යාමට නියමිතව තිබුණා.
කෙසෙවෙතත්, මේ වන විට මතුව ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිටත් වෙන දිනය තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි වාර්තා වෙන්නේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් එරට Fort Lauderdale ක්‍රීඩාංගණයට වෙත සහ ඉන් පිටවන ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ප්‍රාදේශීය බලධාරීන් සිය ගණනක් ගුවන් ගමන් නවතා ඇති බවයි වාර්තාවන්නේ.
මේ වන විට එම නගරය වෙත ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගං වතුර තත්වයක් මතුව ඇති අතර ප්‍රධාන මහාමාර්ග සහ ගුවන් තොටුපල ආදී ස්ථාන ආපාදාවය ලක් විය හැකි බැවින් මෙම හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාව මේ වන විට බංග්ලාදේශයත් සම්ඟ පැවති තරඟයෙන් මෙන්ම දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟය පරාජය වූ අතර, නේපාලය සමඟ පැවැත්වීමට නියමිතව හිබූ තරඟය වර්ෂාව හේතුවෙන් අත් හැර දමන්නට සිදු වුණා.




