පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය, ජාතික බුද්ධි ප්‍රධානී සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් නව විමර්ශන කමිටුවක් පත්කර තිබේ.
ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ගත් ක්‍රියාමාර්ග මෙන්ම වව්නතිව් සිදුවූ ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය පෙර සිදුකර තිබූ අනාවරණය පිළිබඳත් මෙම කමිටුව විමර්ශනය කිරීමට නියමිතය.
එම කමිටුවේ ප්‍රධානියා වශයෙන් විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ අල්විස් මහත්මිය ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේය.
අදාළ කමිටු වාර්තාව සැප්තැම්බර් මස 15 වනදාට පෙර ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.




