විශ්වවිද්‍යාල ශිෂ්‍ය අත්පොත මුද්‍රණය කර ලබා නොදීමෙන් සිසුන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ශිෂ්‍ය අත්පොත ලබා ගන්නා ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම් දී තිබීම හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී තිබේ.
අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල කාර්යාල වසා දමා තිබීමෙන් හා සේවකයන් රාජකාරිවලින් ඉවත් වී තිබීමෙන් මුද්‍රිත ශිෂ්‍ය අත්පොත දිවයින පුරා බෙදා හැරීමක් සිදු නොවේ.
අනුමත වෙළෙඳසල්වල ශිෂ්‍ය අත්පොත නොමැති වීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණ විමසීම් කළ ද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එය ලබා ගන්නා ලෙසට දැනුම් දුන් බව ද සිසුහු පවසති.
මාර්ගගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍ය අත්පොත ලබා ගැනීමේදී සන්නිවේදන සේවා සපයන ස්ථානවලට රුපියල් 4000කට වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි ද ඔවුහු සඳහන් කළ හ.
සාමාන්‍ය මුද්‍රිත පිටපතක් වෙළෙඳසල්වලින් රුපියල් 1500කට මිල දී ගැනීමට තිබූ බව ද සිසුහු ප්‍රකාශ කළහ.
මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ට අයැදුම් කිරීමට ලබා දී ඇති කාල සීමාව ජූනි 14 වන දා අවසන් වෙයි.
ඊට පෙර ශිෂ්‍ය අත්පොත මිල දී ගෙන විශ්වවිද්‍යාලවලට අයැදුම් කිරීමට නොහැකිව සිසුන් බොහෝ දෙනකු දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවට වාර්තා වේ.




