Saturday, June 6, 2026
spot_img
spot_img

නලින් බණ්ඩාර ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලැබූ තරුණයා දින 08 කට පසු මිය ගිහින්

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා දින 08ක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි තරුණයා ඊයේ (11) මියගොස් තිබෙනවා.

තිහාරිය, කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන ශානුක රවිඳු නමැති තරුණයා යි මෙසේ මියගොස් ඇත්තේ.

මෙම තරුණයා යතුරුපැදි අලෙවි ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙක් බවයි කියන්නේ.

මෙම අනතුරින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වූ මෙම තරුණයාගේ මොළය මිය ගොස් ඇති බව වෛද්‍යවරු තීරණය කිරීමත් සමඟ ඔහුගේ වකුගඩු, අක්මාව ඇතුළු ශරීර අවයවයන් දන්දීමට තරුණයාගේ භාරකරුවන් කැමැත්ත පලකර තිබුණා.

ඒ අනතුරට පෙර සිටම ශානුක රවිඳුගේ කැමැත්ත මතයි.

ඒ අනුව මෙම තරුණයාගේ අවයව ඊයේ රාත්‍රී කාලය වන විට ඉවත්කර ජීවිත තුනක් ජීවත්කරවීමට බද්ධකිරීම් සිදුකර ඇති බව වාර්තා වෙනවා.

ශානුක රවිඳු නම් වූ මෙම තරුණයා අනතුරට ලක්වන්නේ පසුගිය 03දා අලුයම් කාලයේ දී යි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන්ගත් ජිප් රථය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දී තරුණයා ගමන්කරමින් තිබුණු යතුරුපැදියේ ගැටී ඇත්තේ කෝන්ගස්දෙනිය හංදිය අසල දී යි.

මෙම අනතුරින් මන්ත්‍රීවරයාට හෝ එහි ගමන් ගත් කිසිවකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදිය පැදවූ මෙම තරුණයා පමණක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

ඉන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම තරුණයා කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබෙනවා.

එම අනතුරින් මෙම තරුණයාගේ හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් අනතුර සිදුවූ මොහොතේ සිට ඔහු සිට ඇත්තේ සිහිසුන්ව බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශය තුළ වැසි සහිත තත්ත්වයක් තිබී ඇතැයි පැවසෙනවා.

අනතුරින් පසු නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය විසින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ගමන්කළ ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශානුක රවිඳු රෝහල් ගතව සිටිය දීම ඔහුට රුපියල් 50,000ක සානුකම්පිත දීමනාවක් ලබාදෙන මෙන් නියෝගකරමින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරිය බව අදාළ රියදුරු නිට්ටඹුව පොලිසිය සඳහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...