Friday, June 5, 2026
spot_img
spot_img

ජනපති ඉන්දියාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගීවීම සඳහායි.

ඉන්දීය රජය කළ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම උත්සවයට එක්වනු ලබනවා.

දිවුරුම් දීමේ උත්සවය, අද පස්වරුවේ පැවැත්වෙන්නේ රාෂ්ට්‍රපති භවන්හිදීයි.

ඒ සඳහා ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, මාලදිවයින, සීෂෙල්ස්, භූතානය, නේපාලය සහ මුරුසි යන රටවල රාජ්‍ය නායකයින්ගේ පැමිණීම තහවුරු කර තිබෙනවා.

නරේන්ද්‍ර මෝදි, තුන්වැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ පසුගියදා පැවති මහ මැතිවරණයෙන් 54.2% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...