පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන කොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් අදාළ ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
එම පහරදීමේ සිද්ධිය සිදුවු බව කියන අවස්ථාවේදී ඒ අසල රැඳී සිටි මන්ත්‍රීවරුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
පසුගියදා පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදුන් බවට ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ විසින් පසුගියදා කොටුව පොලීසිය හමුවේ පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා.
එම සිද්ධියට අදාළව ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ලිඛිත පැමිණිල්ලක් කොටුව පොලිස් ස්ථානයට භාරදී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම පැමිණිලිවලට අදාළව කොටුව පොලීසිය මෙලෙස විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.




