spot_img
spot_img

මෝදි දිනයි

ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සන්ධානය (NDA) ජයග්‍රහණය කර තිබෙනවා.
භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයේ සිට ජනතාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට ස්තූතිය පුද කර තිබුණා.
අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය මේ වන විට ආසන 300කට ආසන්න ප්‍රමාණයකින් මැතිවරණ ප්‍රතිඵල අතර ඉදිරියෙන් සිටින අතර විපක්ෂය වන ඉන්දීය කොංග්‍රසය ප්‍රමුඛ ඉන්ඩියා සන්ධානය ආසන 230කින් පමණ ඉදිරියෙන් සිටිනවා.
කෙසේවෙතත්, ඉන්දීය මහ මැතවරණයේ අවසන් ප්‍රතිඵලය තවමත් නිල වශයෙන් නිකුත් වී නැහැ.
මන්ත්‍රීවරුන් 543කින් සමන්විත ලෝක් සභා පාර්ලිමේන්තුවේ ආසන 272කට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගන්නා පක්ෂයකට හෝ සන්ධානයකට ආණ්ඩුව පිහිටුවීමට හැකියාව ලැබෙනවා.
මේ අතර, අද පස්වරුවේ භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයේ සිට ජනතාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත්තේ තෙවැනි වරටත් ඉන්දියාව වෙනුවෙන් සේවය කිරීමට ජනතාව තමාට අවස්ථාව ලබා දී ඇති බවයි.
ඉන්දියාවේ අනාගතය වෙනුවෙන් බොහෝ තීරණ ගත යුතුව ඇති බවද සිය ජයග්‍රහණය තහවුරු කරමින් නරේන්ද්‍ර මෝදී සඳහන් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...