spot_img
spot_img

හෙට වැසෙන පාසල් ගැන විශේෂ දැනුම්දීමක්

සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ බස්නාහිර පළාතේ කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ සියලුම පාසල් හෙට (04) දිනයේ වසා තැබීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනයට අනුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබෙන අතර, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මීට පෙර තීරණය කළේ හෙට සහ අනිද්දා යන දින දෙකම ගාල්ල සහ මාතර දිස්ත්‍රිකයේ පාසල් වසා තැබීමටයි.

ඒ අනුව, එම දිස්ත්‍රික්ක දෙක සඳහා තවදුරටත් බලපැවැත්වෙන්නේ ආණ්ඩුකාරවරයා ගත් තීරණය වන අතර එහි වෙනසක් ඇති වුවහොත් ඉදිරියේ දී දැනුම් දෙන බවයි ඔවුන් සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මෙලෙස පාසල් නොපැවැත්වෙන බවට දැනුවත් කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දිනයේ පැවැත්වෙන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...