spot_img
spot_img

අම්පාරේ පොහොට්ටු මන්ත්‍රී සමගි ජන බලවේගයට එක්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් වී තිබෙනවා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 218 වැනි අදියර යටතේ අම්පාර දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ජාතික පාසලට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

1971 මැයි මස 2 වැනිදා මෙළොව උපත ලැබූ ඔහු සිය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ සේවය කර ඇති අතර, ඔහු අඹගහවැල්ල ප්‍රාදේශීය රෝහලේ සහ අම්පාර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධානියා සහ අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...