spot_img
spot_img

2024 ලෝක කුසලාන පළමු තරඟයේ ජය ඇමෙරිකාවට

අද (02) ආරම්භ වූ T20 ලෝක කුසලානයේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට සත්කාරක අමෙරිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ, කැනඩා කණ්ඩායම කඩුළු 07කින් පරාජයට පත් කරමින්.

ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය අමෙරිකාව පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ලකුණු 197ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වූ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් ජනපදය පළමුවෙන් පන්දු රැකීම තෝරාගනු ලැබුවා.

ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි කැනඩා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 194 ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Aaron Jones පන්දු 40කදී හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 94ක් රැස්කළා.

Andries Gous නොදැවී ලකුණු 65ක් රැස්කරගත්තේ පන්දු 46ක් තුළයි.

පන්දු යැවීමේදී කැනඩාව වෙනුවෙන් Kaleem Sana, Dilon Heyliger සහ Nikhil Dutta එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...