spot_img
spot_img

බෝම්බ බියක් නිසා ඉන්දීය ගුවන් යානයක් හදිසි පරීක්ෂාවකට

බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පියාසර කිරීමට තිබූ ගුවන් යානයක් හදිසි පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ, අදාළ ගුවන් යානය එරට වේලාවෙන් අද (28) අලුයම 05ට පමණ පිටත්ව යාමට නියමිතව තිබූ අතර ඇතිවූ බෝම්බ බිය හේතුවෙන් ගුවන් යානය ගුවන් ගතවීමට මිනිත්තු කිහිපයකට පෙර ධාවන පථයේ නතර කර, මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇති බවයි.

මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත්තේ, දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට වරනාසි බලා පිටත්ව යාමට තිබූ ගුවන් යානයක් බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත්, සැකකටයුතු කිසිදු දෙයක් සොයාගැනීමට ආරක්ෂක නිලධාරීන්ට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.

මේ මස මුලදී ද දිල්ලි ගුවන්තොටුපොළේ ගුවන් යානයක වැසිකිළියක් තුළ බෝම්බයක් ඇති බවට ව්‍යාජ තොරතුරක් සංසරණය වී තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...