spot_img
spot_img

සුරා බදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක්

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් (Rased)ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් වුවද එහි ආදායම් පරිපාලන කාර්යයන් සඳහා උපකාර කර ගැනීමට දෙපාර්තමේන්තුව තුළ දැනට පවතින පැරණි පද්ධතීන් අකාර්යක්ෂම වීම,ඉන් සිදුවන ආදායම් කාන්දු වීමට හා අක්‍රමිකතා වැනි දුර්වලතා ඇතිවීමට හේතු වී ඇති අතර මහජනතාවට හා අදාළ වෙනත් පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටද අපහසු වී ඇතැයි රජය පවසයි.

එසේම අනෙකුත් ආයතන වල තොරතුරු තාක්ෂණ පද්ධතින් සමග ඒකාබද්ධ වී කටයුතු කිරීමේදී ගැටලුකාරී තත්ත්වයන්ද මතුව ඇතැයි රජය කියයි.

ඒ අනුව සියලුම දත්ත හුවමාරුව, අවදානම් කළමනාකරණය හා ආදායම් සැසඳුම යන මූලික කාර්යයන් ඉටුකර ගැනීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී තොරතුරු සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරාබද දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් හඳුන්වාදීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...