spot_img
spot_img

බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්

එක්සත් රාජධානියේ මහ මැතිවරණය ජූලි 4 වන දින පැවැත්වීමට නියමිත බව අගමැති රිෂී සුනක් පවසනවා.

ඩවුනින්ග් වීදියේදී ඊයේ (22) සිදු කළ කතාවකදී ඔහු මේ බව නිවේදනය කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාලක පක්ෂය 05වන වරටත් බලය ලබා ගැනීමේ අරමුණින් මෙලෙස හදිසි මහ මැතිවරණයක් කැඳවා ඇති බවයි.

මහ මැතිවරණය පිළිබඳව නිවේදනය කරමින් අගමැති රිෂී සුනක් පවසා ඇත්තේ, බ්‍රිතාන්‍යයට එහි අනාගතය තෝරා ගැනීමට දැන් අවස්ථාව එළඹී ඇති බවයි.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජුට දැනුම් දුන් බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජුගේ අවසරය හිමි වූ බවත් රිෂී සුනක් මෙහිදී සඳහන් කර තිබුණා.

මහ මැතිවරණය සඳහා එක්සත් රාජධානිය පුරා සිටින ඡන්ද දායකයින්, මන්ත්‍රී මණ්ඩලය සඳහා සාමාජිකයින් 650 දෙනෙකු තෝරා ගනු ලබනවා.

ඒ අනුව, බහුතර බලය හිමි වන පක්ෂයේ නායකයා අගමැති ලෙස මීළඟ රජය පිහිටුවීමට නියමිතයි.

එලෙස පිහිටුවාගන්න රජය වසර පහක කාලයක් දක්වා පවතිනු ඇති.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...