Monday, April 20, 2026
spot_img
spot_img

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වනවා.

අද සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

වෙසක් සතියේ සමාරම්භක උත්සවය අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, වෙසක් සමයේ අනවශ්‍ය සැණකෙළි ආදිය පැවැත්වීමෙන් වළකින ලෙසයි.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාවේද සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...