spot_img
spot_img

මේ වසර අවසන් වන තෙක් වැටුප් වැඩිවීම් නෑ

මෙම වර්ෂයේ ඉදිරි කාලයේ  රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

මෙම වසරේ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන  ලෙස  වෘත්තිය සමිති නියෝජිතයින් මෙහිදී  අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කළ අතර ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා මෙම වසර තුළ නැවතත් කිසිදු අයුරකින් රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් ලබා දීමට නොහැකි බව දැනුම් දුන්නේය.

නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත් මෙම වසරේ  නැවත වැටුප් වැඩිවීමක්  කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවත් අමාත්‍යවරයා කීය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...