spot_img
spot_img

ඇසළ පෙරහැරට අලි ඇතුන් ගෙන්වීම ගැන ගැටලුවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කළේ, පිංනවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි සතුන් රජයේ අයිතිය යටතේ පෙරහැර සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

“නැකැත් එකම කාලයේ යෙදීම නිසා පෙරහැරවල් දෙකට ම විශේෂයෙන් මහනුවර පෙරහැරේ අලි ඇතුන්ගෙන් කොටසක් සහභාගී වීම හේතුවෙන් අලි ඇතුන් සොයාගැනීමේ දුෂ්කරතාවයක් මහනුවර දළදා මාළිගාවට වගේම සිව් මහා දේවාලවලට අද මුහුණදීමට සිදුව තිබේ. විශේෂයෙන්ම මේ තත්ත්වය පිළිබඳව රජයේ වගකිව යුතු පිරිසට වරින් වර හීලෑ අලි ඇතුන් සංගමය විසින් දැනුවත් කිරීම් කළා. ජනාධිපතිවරයාවත් දැනුවත් කරලා තියෙනවා.”

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නීලංග දෑල මහතාගේ ඉල්ලීම පදිරි අත්ගොව්වන් පුහුණු කිරීමේ වැඩසටහනක් “නයිටා” ආයතනය මඟින් සූදානම් කර ඇති බව ද දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...