spot_img
spot_img

විජයදාසට බාධා නොකරන්නැයි අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තීනවා.

අදාළ නියෝගයට අනුව, ඊයේ (12) දින විධායක සභාව රැස්වී සිදුකළ නව පත්වීම්වලට අදාළව පක්ෂ වැඩබලන මහලේකම් නීතිඥ කීර්ති උඩවත්ත මහතා සහ දේශපාලන මණ්ඩලයට ද සිය කටයුතු කරගෙන යාමට බාධා කිරීම වළක්වා තිබෙනවා.

ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි ද සොයිසා යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතුළු විධායක කාරක සභිකයින් දෙදෙනා විසින් විත්තිකරුවන් 20 දෙනෙකු නම් කර තිබූ නඩුවක් අද (13) කැඳවු අවස්ථාවේ අධිකරණය මෙම වාරණ නියෝග නිකුත් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...