spot_img
spot_img

කිසිම කොන්දේසියක් නැතුව මම රට හදන්න භාරගත්තා – රනිල්

තමා භාරගෙන ඇත්තේ අපායට වැටුණු රටක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ, පාර්ලිමේන්තුවේ දී අද විශේෂ ප්‍රකාශයක් කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“රට මෙන්ම ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය මා භාරගත්තේ දුෂ්කර මොහොතකයි. මම කිසිම කොන්දේසියක් නැතිව රට බාරගත්තා.බයක් සැකක් නැතිව රට බාරගෙන හදන්නට හැකි බවට මට විශ්වාසයක් තිබුණා.

මෙම වසරේ ආර්ථික වර්ධනය 3%ක් වත් වේ යැයි මා සිතනවා. මේ වන විට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය වැඩි වී තිබෙනවා.මේ තත්ත්වය උදාකර ගන්නට හැකි වුණේ අභියෝගාත්මකව දුෂ්කර මාර්ගයේ ගමන් කිරීමට හැකිවීම නිසයි. සියලු අපවාද මැද අප වැල් පාලම තරණය කරන්නට පටන් ගෙන තිබෙනවා. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම හැර වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. ර⁣ට ගොඩනගන්න නම් කවුරුන් හෝ වෙනසකට මුල පිරිය යුතුව තිබුණා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...