Tuesday, April 21, 2026
spot_img
spot_img

බතලගොඩ බාස්මතී සහල් පර්යේෂණ සාර්ථකයි

බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් බාස්මතී සහල් සඳහාවන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුනා ගැනීමට සමත්ව තිබේ. ඒ සඳහා සිදු කළ පර්යේෂණ ඉතාමත් සාර්ථක වී ඇතැයි ද , තවත් මාස කිහිපයක් තුළ බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව බතලගොඩ වී පර්යේෂණ ආයතනය පවසයි.

බාස්මතී සහල් නිෂ්පාදනය කිරීම සඳහා මෙරට වගා කළ හැකි වී ප්‍රභේදයක් හඳුන්වා දීම සඳහා කාලයක සිට විවිධ පර්යේෂණ සිදු කරන ලදී. නමුත් බාස්මතී සහල්වලට ආදේශකයක් ලෙස යොදාගත හැකි සාර්ථක වී ප්‍රභේදයක් නිපදවීමට නොහැකි විය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කළ අවස්ථාවේ මෙරට බාස්මතී වගාව ව්‍යාප්ත කිරීම සඳහා පර්යේෂණ ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. ඒ අනුව ආරම්භ කළ බාස්මතී සහල්වලට ආදේශකයක් ලෙස යොදා ගත හැකි වී ප්‍රභේද පිළිබඳ පර්යේෂණ ගණනාවක් අතරින් මෙම නව වී ප්‍රභේද දෙක ඉතාමත් සාර්ථක වී තිබේ.

මේ වනවිට At 306, At 309 යන වී ප්‍රභේද දෙක බාස්මතී සහල් හා සමාන දිගටි වී ප්‍රභේද දෙකක් ලෙස හඳුන්වා දී ඇති අතර එම වී වර්ග ද ජනප්‍රිය ව පවතී.

මේ වනවිට මෙරට සමස්ත සහල් අවශ්‍යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන අතර සංචාරක කර්මාන්තය හා හෝටල් සඳහා අවශ්‍ය වන බාස්මතී ඉන්දියාව හා පකිස්ථානයෙන් ආනයනය කරනු ලබයි.

ඒ සඳහා වැය වන විදේශ විනිමය මෙරට ඉතිරි කර ගැනීමේ අරමුණින් බාස්මතී සහල් මෙරට දීම නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා කෘෂිකර්ම බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...