Tuesday, April 21, 2026
spot_img
spot_img

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද (07) පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා,

“හෙද සහ ඇතැම් වෛද්‍ය සේවාවල විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දිර්ඝ කිරීමේ තීරණයක් ගත්තා. එය ක්‍රියාත්මක නොවෙන තත්ත්වයට පත්වුණා. දැන් මේකේ ප්‍රතිඵලයක් විදිහට රත්නපුරේ තිබෙන හෙද පුහුණු පාසලේ විදුහල්පති විශ්‍රාම ගිහිල්ලා ඊළඟ කෙනාට හෝ වෙන විදුහල්පති කෙනෙකුට වැඩ භාරදෙන්නේ නැතුව දැන් රෝහලට වෙලා ඉන්නවා. මේ 63 ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳව දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු කාණ්ඩායම් දැන්නෙත් නෑ. වෛද්‍ය අධ්‍යක්ෂ දන්නේත් නෑ. හෙද පුහුණු විදුහලේ කටයුතු පවත්වාගෙන යන්න විදිහකුත් නෑ.”

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

“මේ සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් තියෙනවා. එකේදී අපට එකඟවෙන්න කියලා කිව්වේ වයස 61 දක්වා දිර්ඝ කරන්න. ඒ සම්බන්ධයෙන් අපි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. අවුරුදු 61 වඩා දිර්ඝ කිරීමක් නැහැ.”

මේ අතර, හෙද සේවයට අලුතින් 3,000ක පමණ ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිත බවත්, ඒ සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ සාකච්ඡා පවත්වා අවසන් බවත් අමාත්‍යවරයා සදහන් කළා.

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, නුදුරේදීම ඔවුන්ව හෙද සේවයට අනුයුක්ත කළ හැකි බවත්, මේ වනවිට හෙද සේවයේ 45,000ක් සිටින අතර පුරප්පාඩු ඇත්තේ 1,000ක් වැනි ප්‍රමාණයක් බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...