Tuesday, April 21, 2026
spot_img
spot_img

විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා අද (7) පස්වරුවේ පැවසීය.

සියලුම විශ්වවිද්‍යාලවල පැවැත්වීමට නියමිත තිබූ විභාග දින නියමයක් නොමැතිව කල්දැමූ බවත් ඊට අමතරව විශ්වවිද්‍යාල රසායනාගාරවල සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන රජයේ රෝහල්වල පරීක්‍ෂණ ඇතුළු සියලුම පරීක්‍ෂණ ද නතර වී ඇති බවත් ඒ මහතා කීය.

පිළිකා සහ තයිරොයිඩ් ආදි හැකි ඉක්මණින් ප්‍රතිකාර කළ යුතු රෝග සම්බන්ධ පරීක්‍ෂණ විශ්වවිද්‍යාල පරීක්‍ෂණාගාර තුළ වන බවත් එවැනි දේවල් නැතර වීම එතරම් හොඳ තත්වයක් නොවන බවත් ප්‍රියන්ත මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සදඟා වන අත්පොත සකස් කරමින් තිබුණ ද මේ වන විට එය සකස් කිරීමේ කටයුතු ද නතර වී ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් විට විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම ප්‍රමාද වියහැකි බවත් ඔහු කීය.

විශ්වවිද්‍යාලවල ජලය සහ විදුලිය සැපයුම ආදි සේවාවන්වල බිඳ වැටීම තිබුණ හොත් ඒවා යථාතත්වයට පත්කිරීම්වලින් ද සේවකයන් ඉවත්ව සිටින බව කී ධම්මික එස්. ප්‍රියන්ත මහතා එම තත්වය මත විශ්වවිද්‍යාල කාර්යාල විවෘත කිරීම ද සිදුනොවන බව ද සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් සහ උප ලේකම් යන කාර්යාල ද වසා ඇති බවත් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් ද වැඩවර්ජනයක නිරතව සිටීම නිසා ලේඛකාධිකාරී කාර්යල පවා වසා ඇති බවත් ඒ මහතා කීය.

විශ්වවිද්‍යාල අධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් පිළිබඳව හෙට (8) තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූ බවත් ඒ පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...